Tuesday, May 24, 2011

Web හරහා පහසුවෙන් File share කරන්න Drop Box හැර වෙනත් පහසු මඟක් තිබේද?

Drop box කුප්පි 1 කොටස.
 
අද මම ලියන්න යන්නේ එදිනෙදා පරිගනක භාවිතාකරන අයට නැතුවම බැරිදෙයක් ගැනයි.මට මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනේ ගොඩක් අය තමන්ගේ බ්ලොග් පෝස්ට් වලින් Software share කරන කොට නිතරම භාවිතා කරන්නේ වගේ 4shared,Rapid share,File factory,File sonic වගේ සේවාවන්...නමුත් බොහෝ විට අප යමක් download කරගන්න යනවිට ඒවයේ register වී නැතිනම් ටිකවෙලාවක් බලාසිටීමට සිදුවෙයි.අප download කරනා වාර ගනන වැඩිවෙන විට බලාසිටීමට සිදුවෙන කාලයද වැඩිවෙයි.
 මේ බලන්න premium account එකක ගණන් කොහොමද කියලා.ඒ වගේම download වෙන්න යන වෙලාවත් නිකමට  වගේ බලමු.

 දැක්කද එක file එකක් download කරන්න යන වෙලාව...ඉතින් මේ අය හදන්නේ අපි කොහොම හරි මේ site වල register වෙන විදිහට වැඩකරලා තමන්ගේ ආදායම වැඩිකරගන්න.ඉතින් කවුද නිකන් බලන් ඉන්න කැමති...ඒකනිසා තමයි අද මේ පෝස්ට් එක දාන්නේ.ඒකට මම දෙන හොඳම විසදුම තමා drop box කියන්නේ.ඒක client program එකක් මඟින් Drop box website එකට ලින්ක් කල හැකි නිසා ගතහැකි වැඩ බොහෝමයි.ඉතින් දැන් ඒ ගැන විස්තර ඇතුව කතා කරමුකෝ.තවත් කෙටියෙන් කියනවානම් මම Computer එකට Windows දාපු ගමන් දාන පලවෙනි software ගොඩේ තියෙන එක software එකක් තමයි මේ drop box client program එක.


Drop box වල වැඩ කිඩ කතා කරන්න කලින් අපි එහි ඉතිහාසයට පොඩ්ඩක් හැරීබලමු.Dropbox ආරම්භකිරීමට  හේතු වූයේ නම් එවකට MIT ආයතනයේ ශිෂ්‍යයෙකු වූ Drew Houston  හට නිතරම ඔහුගේ Pendrive එක අමතක වී දමා යාමයි.ඇත්තටම බැලුවොත් ඒක ඔහුට විතරක් නෙමේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ.අවසානයේ ඔහු සොයාගත් විසඳුම අද අපි හැමදෙනා අතරම ජනප්‍රිය Drop box සේවාවයි.මෙම Drop box සේවාව සඳහා cloud computing යන සංකල්පය යොදාගෙන අවශ්‍ය files store කිරීම හා share කිරීම සිදුකරනු ලබනවා.
 එබැවින් තවදුරටත් ඔබගේ pen drive එක මත රඳාපවතින්නේ නැතුව drop box account එකට දමන files ආරක්ෂිතව internet ඇති ඕනෑම තැනක සිට නැවත පහසුවෙන් access කල හැකියි.එහෙනම් Dropbox account එකක් සාදා ගැනීමේ සිට විස්තර සඳහා Drop box කුප්පි 2 සමඟ හමුවෙමු................

යන්න කලින් මේ video එකත් බලලම යන්නකෝ..... 

 


මම හිතන්නේ Drop box ගැන දැනටමත් ගොඩක් දෙනෙක් දන්නවා ඇති.කමක් නෑ මගේ මේ වෑයම ඒ ගැන නොදන්නා අයව දැනුවත් කරන්නයි...ඒ නිසා මෙහි දෙවන කොටස ඉතාම සරල ලෙස මම කියන්න හිතාගෙන ඉන්නවා.මේ ගැන දන්නා අය comment මඟින් තව මට අමතක වුනු තැන් පෙන්වා දෙන්න....ඒ වගේම පහලින් Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.......
ඔබට ජය......

6 comments:

  1. mata drop box wala podi pob ekak tiyanawa mage dropbox ekata upload karapu .wma file ekek ayeth computer ekata download karata wedane........

    ReplyDelete
  2. මේකට පිලිතුරු සපයන්න තව තොරතුරු අවශ්‍යයි....මොකද ඔයා ඒක upload කලේ zip file එකක් විදිහටද?නැත්ද? තව එය upload කිරීමේ සිට download කිරීම දක්වා ඔබ අතින් නොයෙක් වැරදි වෙන්න පුලුවන්...ඒ කට කරන්න පුලුවන් නොඳම වැඩේ තමයි dropbox client application එක use කරන එක.ඒ මඟින් upload කිරීමේදී සිදුවන වැරදීම් මඟහරවා ගන්න පුලුවන්...එවගේම ඒවා zip file එකක් ලෙස upload කරනවානම් තවත් හොඳයි......නමුත් බය වෙන්න එපා dropbox වලින් එසේ සිදුවිය හැකි අපහසුතා නොගිනියහැකිතරම්...මොකද මමත් දැන් අවුරුදු 2ක් විතර dropbox use කලා මගේ වැඩවලට.හැබැයි තාමනම් කිසිම අවුලක් උනේ නෑ...ඒ නිසා සැක ඇති කරගන්නේ නැතුව බයනැතුව use කරන්න....තව ඔබගේ ප්‍රශ්නයට මගේ පිලිතුර ප්‍රමානවත් නැතිනම් dropbox forum එක මඟින් support එකක් ගත හැකියි..ඒ නිසා බය වෙන්න එපා....

    ReplyDelete
  3. මමනම් අහල නෑ.
    ට්‍රයි එකක් දාල බලමු

    ReplyDelete
  4. මේක Symbian වලට නැද්ද බන්??

    ReplyDelete
  5. Symbian වලටත් වැඩ.....

    මෙන්න මේ ලින්ක් වලටත් ගිහින් බලන්න
    http://www.i-symbian.com/the-easiest-way-to-use-dropbox-on-symbian-smartphones/

    http://www.zahipedia.com/2010/12/25/how-to-use-dropbox-on-symbian-smartphones/

    ReplyDelete
  6. මමත් ඩ්‍රොප්බොක්ස් පාවිච්චි කරනවා. නියම සොෆ්ට් එක...

    ReplyDelete