Wednesday, May 25, 2011

Drop box කුප්පි 2 කොටස.

dropbox තුලින් කොපමණ ඉඩ ප්‍රමාණයක් ලබාගත හැකිද?

අද අපි වැඩිදුරටත් Drop Box ගැන බලමු.හරි අපි මුලින්ම dropbox website එකට ගිහින් register වෙලා ඉමුකෝ....ආ මට තව චුට්ටෙන් කියන්න අමතක වෙනවා මේ Drop Box එකට Free register වෙන්න පුලුවන්.එතකොට ඔයාලට 2GB space එකක් මුලින්ම free හම්බ වෙනවා.ඊට පස්සේ අපිට තවත් Drop Box නැති යහලුවෙකුට Drop Box තුලින් request එකක් දාලා තමන්ගේ ඉඩ ප්‍රමාණය වැඩිකරගන්නත් පුලුවන්.තවද ඔබ යවන එක friend request එකක් එම යහලුවා accept කර drop box account එකක් සෑදූපසු ඒ සඳහා ඔබට අමතර 250MB ඉඩ ප්‍රමාණයක් එකතුවෙනවා මෙහිදී free account එකක Maximum ඉඩ ප්‍රමාණය 8GB දක්වා වැඩිකරගැනීමට අපිට පුලුවන්.ඉතින් ඒ ප්‍රමාණය මදිද?මටනම් තාම 3GB ඉඩ ප්‍රමාණයත් හොඳටම ඇති.කාටහරි මදි කියල හිතේ නම් සල්ලි ටිකක් ගෙවල 100GB විතර වුනත් ගන්න පුලුවන්.ඉතින් පෙන් එකේ නිතරම තියෙන්න ඕන කියල හිතෙන සේරම මේකට දාල තියන්න පුලුවන්....


Drop box account එකක් හදමු

ඒ සඳහා http://www.Dropbox.com වෙත පිවිසෙන්න.පසුව  create an account click කරන්න.පසුව ලැබෙන form එක පුරවන්න.ඇත්තටම මෙය ඉතාම සරල form එකක්.
 
එවිට මා පෙර කිවූ පරිදි 250MB space එකක් ලැබේ.දැන් ඔබේ Account එකට log විය හැක.

Drop Box account එකේ තිබෙන මූලික Folders වල කාරිය හඳුනාගනිමු.



ඔබට Public හා Photos යනුවෙන් Folders දෙකක් පෙනේවි.දැන් අපි ඒ එක් එක් forlder වල කාරිය වෙනවෙනම බලමු.Public folder එක යනු මෙහි ඇති වටිනාම Folder එකයි.මොකද අපිට යම්කිසි file එකක් internet එකේ share කරන්න අවශ්‍යයැයි සිතමු.එවිට කරන්න තියෙන්නේ අවශ්‍ය File එක Public folder එක තුලට upload කර එහි Public link එක ලබා ගැනීමයි.
උදා:- මම DVDConverter file එක මඟින් පෙන්වන්නම්...

මුලින්ම Public folder එක click කර එය තුලට පිවිසෙන්න. 



 පසුව ඉහතින් ඇති upload යන්න click කර අවශ්‍ය file එක Browse කර ලබා දෙන්න.(client program එකක් මඟින් automatically upload කරන විදිහ පසුව කියන්නම්...එය වඩාත් පහසුයි.)




දැන් එය upload වී ඇති ආකාරය ඉහත පරිදි පෙනේවි.ඊළඟට එහි public link එක ලබා ගැනීමට


ඉහත රූපයේ පරිදි අවශ්‍ය folder එකෙහි කෙලවරේ තියෙන පහලට යොමුවීඇති ඊතල කොටස click කර copy public link යන්න තෝරන්න.පසුව copy to clip board තෝරන්න.දැන් ඔබේ public link එක copy වී තිබේ.එය අවශ්‍ය පුද්ගලයෙකුට ලබා දෙන්න.




මාගේ link එක  http://dl.dropbox.com/u/30240006/DVDConverter.rar ලෙස අවශ්‍යනම් ඊමේල් මඟින් එහෙම නැත්නම් ඔබගේ blog එකෙහි මෙම link එක publish කරගත හැක.එවිට යම් පුද්ගලයෙකුට Dropbox account එකක් නැතිවුනත් ඔහු එම link එක click කලොත් හෝ address bar එක තුලට copy and paste කලොත් ඔහුට එම file එක download කරගත හැකියි.(තව එකක් මේ Public link එක ලබාගත හැක්කේ public folder එකට upload කරන files සඳහා පමනයි.)


දැක්කද?කොච්චර පහසුද?කොච්චර සරලද?.....ඒ වගේම upload කරගන්න මීට අමතරව client program එක මඟින් පහසුවෙන් කල හැකියි.මොකද අපිට තියෙන්නේ hard drive එකේ Dropbox folder එකට අවශ්‍ය Files දැමීම පමනයි..මොකද ඒවා automatically website එකට upload වෙනවා......ඒ ගැන තවත් කුප්පියකින් කියන්නම් කෝ......
අද post එක දිග වැඩිවුන නිසා ඉදිරි කුප්පි වලින් මෙහි ඉතිරිය කියන්නම්..........එහෙනම් නැවත හමුවෙමු.....මතකයිනේ එහෙනම් මේ post එක හොඳයි කියල හිතෙනවනම් comment කරන්නකෝ......
ඔබට ජය........

Tuesday, May 24, 2011

Web හරහා පහසුවෙන් File share කරන්න Drop Box හැර වෙනත් පහසු මඟක් තිබේද?

Drop box කුප්පි 1 කොටස.
 
අද මම ලියන්න යන්නේ එදිනෙදා පරිගනක භාවිතාකරන අයට නැතුවම බැරිදෙයක් ගැනයි.මට මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුනේ ගොඩක් අය තමන්ගේ බ්ලොග් පෝස්ට් වලින් Software share කරන කොට නිතරම භාවිතා කරන්නේ වගේ 4shared,Rapid share,File factory,File sonic වගේ සේවාවන්...නමුත් බොහෝ විට අප යමක් download කරගන්න යනවිට ඒවයේ register වී නැතිනම් ටිකවෙලාවක් බලාසිටීමට සිදුවෙයි.අප download කරනා වාර ගනන වැඩිවෙන විට බලාසිටීමට සිදුවෙන කාලයද වැඩිවෙයි.
 මේ බලන්න premium account එකක ගණන් කොහොමද කියලා.ඒ වගේම download වෙන්න යන වෙලාවත් නිකමට  වගේ බලමු.

 දැක්කද එක file එකක් download කරන්න යන වෙලාව...ඉතින් මේ අය හදන්නේ අපි කොහොම හරි මේ site වල register වෙන විදිහට වැඩකරලා තමන්ගේ ආදායම වැඩිකරගන්න.ඉතින් කවුද නිකන් බලන් ඉන්න කැමති...ඒකනිසා තමයි අද මේ පෝස්ට් එක දාන්නේ.ඒකට මම දෙන හොඳම විසදුම තමා drop box කියන්නේ.ඒක client program එකක් මඟින් Drop box website එකට ලින්ක් කල හැකි නිසා ගතහැකි වැඩ බොහෝමයි.ඉතින් දැන් ඒ ගැන විස්තර ඇතුව කතා කරමුකෝ.තවත් කෙටියෙන් කියනවානම් මම Computer එකට Windows දාපු ගමන් දාන පලවෙනි software ගොඩේ තියෙන එක software එකක් තමයි මේ drop box client program එක.


Saturday, May 14, 2011

ඕනෑම windows කොපියක් සඳහා Microsoft Security Essential දාගමු..........


ඔන්න මම කාලෙකින් blog එක පැත්තේ ආවා....දැන්නම් ඉතින් ටිකක් කලින්ට වඩා නිවාඩුයි.ඉතින් මගේ අවකාශය සමඟ එකතුවී සිටින යහලුවන් සමඟ දැනුම හුවමාරු කරගන්න අදත් ඔන්න මගේ blog එක පටන් ගත්තා.අද මම අදහස් කරන්නේ ඔයාලගේ virus හා virus guard ප්‍රශ්නයට පොඩි විසඳුමක් දෙන්න.මම කරන්න හදන වැඩේ නම් ethical නම් නෑ වගේ මොකද මම කියල දෙන්න යන්නේ Microsoft security essentials වින්ඩෝස් original නොවන කොපීස්(අපේ භාෂාවෙන් හොර කොපි) වලටත් දාගන්න ක්‍රමයක් කියලදෙන්න.මොකද අපේ ගොඩක් අය භාවිතාකරන්නේ original copies නෙමේ නේ.මේක කියලදීල Bilgates මාත් එක්ක තරහා වෙන්නත් පුලුවන්....ඉතින් හොඳ මිත්‍රයො තරහාවෙන්න පුලුවන් වැඩක් මම කරන්නේ ගොඩක් දෙනෙකුට සේවයක් වෙන්නයි.


ඔන්න එහෙනම් මම පටන් ගත්තා.මුලින්ම ඔයාලට Microsoft security essentials ඔයාලගෙ windows 7 වලට install කරන්න බැරිද කියල බලන්න.බැරිනම් ඔයාල නැවත windows 7 install කර හෝ නැවත install කල වෙලාවක fresh පිට පහත මම දීල තියෙන file එක download කරගෙන run කරන්න.

ඔයාල  මම මේ දීල තියෙන files download කරගන්න මෙතන click කරන්න.
හරි...
දැන් ඒක extract කරගෙන ඒකෙ තියෙන Windows 7 Loader කියන file එක run කරගන්න.මේක run කලත්  ටිකවෙලාවක් යනතුරු කිසි process එකක් අලුතෙන් run වුනාවගේ ඔයාලට තේරෙන එකක් නෑ.නමුත් ටිකවෙලාවකට පස්සේ computer එක restart කරන්න යනුවෙන් OK කිරීමට message box එකක් පැමිනෙයි.ඊට පසු ඔයාලට සුලුරුදු ලෙස internet එකෙන් Microsoft security essentials download කරගෙන install කරගන්න පුලුවන්.(මෙය 7MB පමණ වේ.).
අවසාන වශයෙන් එය install වීමෙන් පසු computer එක restart කර Microsoft Security essentials run කරන්න.ඊට පසු Update ටබ් එකට ගොස් Update click කරන්න.මෙය ටිකවෙලාවක් යන දෙයක් බැවින් ඔයාලට නාගෙන බත් එහෙමත් කන්න පුලුවන්.

වැදගත් :- ඔයාලට අලුතෙන් windows දාන්න කිව්වේ දැනට තියෙන viruses මගින් ඔයාලගෙ Files system එක damage කරල තියෙන්න පුලුවන්.ඒ වගේම මේක දාන්න කලින් ඔයාල තව virus guard දාල තියෙනවනම් ඒව uninstall කරන්න.ඒ වගේම install කිරීමෙන් අනතුරුව full scan එකක් කරගන්න.

මෙය සද්භාවයෙන් කල ක්‍රියාවක් බැවින් BilGates මාත් සමඟ තරහා නොවේවා.   :D
 
ඒ වගේම ඔයාලට මේ POST එක වැදගත් වුනානම් කම්මැලි නැතුව පහල Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.


ඔබට ජය..........

Friday, March 25, 2011

Web browsers සඳහා Flash Player ගැන කරදරවුනු කාලය ඉවරයි.

 ඉතින් හැමදෙනාටම සුබ දවසක්.මම ගොඩාක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ.මේ දවස් වල මම හොඳටම busy.මොකද මම දැන් SLIIT එකේ 4 වෙනි අවුරුද්ද යන නිසා මේ දවස් වල වැඩ වැඩියි.තව 4th year project එක කරන නිසා හැමදාම documents ලියන්නයි presentation වලට ලැහැස්තිවෙන්නයි තව Lectures  යන්නයි ගියහම blog ලියන්න වෙලාවක් නෑ.අනික ලියන බ්ලොග් වලටත් comment වැටෙන්නෙ නෑ කියන්නේ මම ලියන බ්ලොග් එක්කෝ කට්ටියට වැඩක් නෑ, නැත්නම් කියවන අය බ්ලොග් එක කියවල තමන්ගේ වැඩේ කරගෙන යන්න යනවා.ඒක නිසා blog ලියන එකත් ටිකක් එපා වෙනවා. හරි හරි කමක් නෑ අද හිතුන එකේ මේ post එක දාන්නම් කෝ.ඉතින් මම දිගටම මගේ විස්තර ලිව්ව එකේ ඔන්න මම අද post එක පටන් ගත්තා.

  හැමදෙනාම දන්නවානේ Flashplayer software එක ගැන.ඔයාලට වෙබ් browser එකේ video එකක් වගේ බලන්න මේක නැතුවම බැහැනේ.ඉතින් සමහර වෙලාවට ඔයාලට ඕක install කරන්න කම්මැලි හිතෙන්න පුලුවන්.ඒ වගේම තවත් වෙලාවල් තියෙන්න පුලුවන් ඔයාල වෙබ් browse කරන්නේ office එකේ හරි වෙන කොහේ හරි ඔයාලට admin privileges නැති තැනක එකක වෙන්න පුලුවන්.එහෙම උනොත් ඔයාල ගොඩ දෙනෙක් කරන වැඩේ තමයි portable web browser එකක් use කරන එක.ඒත් මම කලින් කිව්ව වගේ admin privileges නැතිනිසා ඔයාලට ඒකට Flash player Software එක install කරගන්න බැහැ නේද?ඒ වගේ වෙලාවට කරගන්න ඕන වැඩක් මම අද කියල දෙන්නම්.





මුලින්ම ඔයාල Flash player install කරල තියෙන computer එකක පහත path එකට යන්න.
C:\WINDOWS\SYSTEM32\Macromed\Flash
ඊට පස්සේ NPSWF32.dll file එක copy කරගන්න.නැත්නම් යාලුවෙකුට කියල ඒ File එක mail කරගන්න.

ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ Firefox portable හරි වෙන ඕන version එකක පහත path එකට ඒක copy කරන්න විතරයි.
X:\FirefoxPortable\App\firefox\plugins
X:- ඔයාල firefox install කරල තියෙන තැන.

වැදගත්:- මම දීල තියෙන NPSWF32.dll  file එක copy කරන්න ඕන තැන firefox version එක අනුව පොඩ්ඩක් වෙනස් නම් ඔයාල firefox install කරපු තැනට ගිහින් "plugin" කියන folder එකක් සර්ච් කරලා ඒකට NPSWF32.dll file එක copy කරන්න.මොකද සමහර version වල මම දීපු තැන plugin කියල folder එකක් නැහැ.

ඉතින් මේකෙ තියෙන වාසි තමයි එකපාරක් කවුරු හරි Flash player install කලාට පස්සේ NPSWF32.dll File එක අරන් ගිහින් ඕන කෙනෙකුට firefox තුල Flashplayer run කර ගන්න පුලුවන්.ඒක නිසා ඔයාලට software install කරන්න බැරි environment එකකදි උනත් මේක usefull වේවි.
මේක මමනම් Test කලේ Mozilla Firefox 3.5 වල සහ 4.0 versions වල තමයි.මේ post එක හොඳනම් පහල comment එකක් දාලම යන්නකෝ.
 එහෙනම් නැවත හමුවෙමු.
ඔබට ජය...... 

Saturday, February 26, 2011

අන්දරේගේ රස කතා


රාජාධිරාජසිංහ රජුගේ බිසව රොඩී කෙල්ලක් බවට පත්කල අන්දරේ මුලදී එම රජුගේ කවිකාර මණ්ඩලයට අයත් නොවීය.එහෙත් කවි කියා ඇත.දක්ෂ කිවිවරයෙකු වන රජතුමා කවිකාර මඩුවේ කවීන්ට දිනක් අභියෝගයක් කලේය.
එම අභියෝගයට මුහුනදීමට කවිකාර මඩුවේ මුංකොටුවේරාල,කැකිරිගම කවියා,වඩුගොඩකවියා එකිනෙකාගේ මුහුණ බැලුවාමිස රජුගේ අභියෝගයට පිලිතුරු දීමට කෙනෙක් නොවීය.රජු අපේක්ෂා කලේ පහත කවියට තේරුම ඉදිරිපත් කරන ලෙසයි.


දාර දෙකයි එක තැන මුල්කර           තැනුවා
පාර තිහක් ගැසුවත් බයකුත්             නැතුවා
කොන් සතරයි කණු සතරයි ගෙට       ඇතුවා
තෝරා පන් ඊයේ මගදී                   දුටුවා
 රජුගේ අවදානය තවමත් යොමුවී ඇතත් කවිකාර මඩුවේ කවීන් නිහඬය.පසෙකට වෙලා බලාසිටි අන්දරේ කවියේ තේරුම කීමට ඉදිරිපත් විය
දාර දෙකයි එකමැද එය ගැව             සීය
වටපිට යන කලට කණු සතරෙන්       යාය
ගෙට වැඩි කලට කිසිබයකුත් නැතු      වාය
මට දැනෙනාලෙස "මහරජ ඉබ්          බාය"
අන්දරේගේ පිලිතුරෙන් සතුටට පත් රජතුමා අන්දරේ කවිකාර මඩුවේ කවියකු බවට පත් කලේය.
කුඩාකල අන්දරේට පොතපත් පරිශීලනය අප්‍රිය ජනක දෙයක් විය.එබැවින් ඔහු ගමේ කොලුරැලට එක්විය.මෙය දැනගත් අන්දරේගේ පියා ඔහුවඉගෙනීම සඳහා  ගැටමානේ ගුරුවරයෙකු ලඟ නැවැත් වීය.නමුත් දිනක් අන්දරේට ගුරුගෙදරින් පැනයාමට අවස්ථාව උදාවිය.බඩගින්නේම තම ගෙදරට පැමිණි අන්දරේ අඳුරේම ගෙට ගොඩවිය.

ඔහු දඩබ්බරයෙකි.එහෙත් කිසිවිටක බොරු නොකියයි.පියා තම පුතා ළඟට කැදවා කරුනු විමසීය.ඉන්පසු කරුණු වටහාගත් ඔහු අන්දරේව දෙල් ගසේ බැඳ හොඳටම තැලුවේය.දැන් අන්දරේට රෑට කෑමත් නැත.බඩගින්නද ඉවසිය නොහැක.කෝටු පාරවල වේදනාවත් ඉවසිය නොහැක.මහා වැස්සක්ද ඇද හැලිණ.අන්දරේ මෙසේ පැවසීය.

වැස්ස වැඩි නිසා සීතල වැඩි වෙ           ච්චි
අතපය වෙවුලාය සන්නිය ළං වෙ          ච්චි 
එලොව පොල් පෙනෙයි අදනම් වැරදි     ච්චි
හොඳ හැට නිදිද මගෙ බුදු අප්පො         ච්චි
 පුතා ගැන කල්පනාකරමින් නිදිනැතුව සිටි පියාට පුතාගේ කවිය ඇසීමෙන් දුකක් ඇතිවිය.එහෙත් අන්දරේට පිහිටක් නොවීය.අම්මාගෙන් පිහිටක් පතා ඊලඟට මෙසේ පැවසීය.
අස මා ගේ අම්මේ මේ අහ ප            න්නේ
නොතෙමා මා මෙතැනින් අහකට ග    න්නේ
බුස මා ගේ තල්පත ගෙන ඉහ ල       න්නේ
ගැට මානට ගෙන ගොස් මා ඇර ල    න්නේ
මෙම කවිය ඇසූ අන්දරේගේ මවට දුක සිතී අන්දරේගේ ලිහා ගෙට ගෙනගොස් සත්තු සප්පායම් කොට බත් බෙදා අනාදී කන්නට කීය.අන්දරේ එවිට තම මවගෙන් මෙසේ විමසීය."අම්මේ බත් පංගුව අනන්නට කලින් තිබූ තත්වයට හදන්නකෝ".එය කල නොහැක්කක් බව අම්මා පැවසීය.
"එහෙනම් අම්මේ පොඩි ළමයෙක් කියනදේ ලොකු අයට කරන්න බැරිනම් ලොකුඅය කියනදේ පොඩිලමයෙක් කරන්නේ කෙසේ දැයි" විමසීය.
පුතාගේ මෙම ප්‍රශ්නයෙන් පියාගේ මනස පිබිදුනේය.තම පුතාගේ සහජ හැකියාව තේරුම් ගත් පියා පුතාට ඉගෙනීම අත්හලේය.
1753 දී පමන කන්ද උඩරට රාජාධිරාජසිංහ රජතුමා කවියෙකුවිය.එමෙන්ම ඔහු කවීන්ට අතහිත දුන් අතර අන්දරේගේ ගැන අසන්නට ලැබී ඔහුට පනිවිඩයක් යවා ගෙන්වා ගත්තේය.එහිදී විවිද දස්කම් පෙන්වූ අන්දරේගේ රජුගේ පොකුණේ සිටි මැඩියෙකුට විද මරාදමා සම්මානයක් ගත්තේය.
තවත් දිනක් අන්දරේ රජුගේ බිසව දියනෑමට ගොස් ආපසු එනු දැක මෙම කවිය කීවේය.
කට කැඩි කලේ දිය උකුලේ තබා          ගෙන
ලොට තන දෙකක් ගෙරි හමකින් වසා     ගෙන
තඹද පිත්තලද දෑතෙහි දරා                  ගෙන
රොඩී කෙල්ල කොහි යනවද උදෑ            සන
මෙය අසා කිපුනු රජ බිසව මෙය රජුට දැන්වීය.රජතුමා අන්දරේව වහාම ගෙන්වා මේ ගැන විමසීය. එබඳු කතාවක් තමා නොදන්නා බවත් තමා මෙබඳු කවියක්නම් කී බව අන්දරේ පැවසීය.

රිදී කලේ පැන් උකුලේ තබා            ගෙන 
රන් කුඹුදෙකක් සලුපටකින් වසා        ගෙන 
රිදීද රත්තරන්ද දෑතේ දරා                ගෙන  
මල් මද බිසව් කොහියනවද උදෑ           සන
 අන්දරේ වටා ගෙතී ඇති විවිධ කතා එමටය.
 තවත් දිනක් අන්දරේගේ බිරිඳ අන්දරේට කතාකර ඔයා හැමෝටම කවි කියනවා මටත් කවියක් කියන්නකෝ යනුවෙන් ආදරයෙන් ඉල්ලීය.එවිට අන්දරේ
ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීර       නා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝර        නා
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙ   නා
ලිය නුඹ බැලිමි වැඳිරිය වැන්න දලු ක         නා

ඉන්පසු තම බිරිඳ අමනාපයෙන් සිටිනු දුටු අන්දරේ මෙසේ කීය.
 ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීර         නා
 බඳ දෙස බැලිමි රන්කඳ වැන්න ආර           නා
තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙ       නා
 ලිය නුඹ බැලිමි සුරඟන වැන්න රුසිරෙ       නා

වරක් ඉන්දියාවෙන් පැමිණි බමුණු පඬිවරයෙක් රජ වාසලට පැමිණ රාජ සභාවේ පඬිවරු සමඟ ශාස්ත්‍රීය සාකච්ඡාවක් කිරීමට කැමති බව පැවසීය.  රජතුමා තම පණ්ඩිතවරුන්ට ඒබව දැන්වීය.ඔවුන් අදිමදිකරමින් පසු බෑහ.අන්දරේ තනිවම ඊට කැමති විය.
නියමිත දින ඉන්දියානු පඬිවරයා රජවාසල කරා ගමන් කරයි.අන්දරේ ඉරට මිටියක් මීහරක් හමක ඔතාගෙන කරපිට තබා ඉදිරියෙන් ගමන් කරයි.ඉන්දියානු පඬිවරයා අන්දරේගෙන් ඔය පොත මොකක්දැයි විමසීය.ඊට පිලිතුරු දුන් අන්දරේ "මහීෂ චර්ම බන්ධන පුස්තකම්" යයි කීය.මෙබඳු පොතක් ගැන කවරදාවකවත් අසා නැති ඉන්දියානු පඬිවරයා සාකච්ඡාවට කියහොත් තමා පරාජය වේ යැයි සිතා මගහැර ගියේය.අන්දරේ ගෙනගිය පොත වන "මහීෂ චර්ම බන්ධන පුස්තකම්" යන්නෙහි තේරුම මීහරක් හමෙන් වැසුනු ඉරටු මිටියක් බවයි.
ඉතින් අදට අන්දරේගේ කතා අවසන් කරන්නම් නැත්නම් ලිපිය දිග වැඩිවෙනවනේ.මම මේ ලිපිය සඳහා පුවත්පත‍ක පලවුණු ලිපියක්ද උපකාරීකර ගන්නා ලදි.මේ post එක හොඳයි කියලා හිතෙනවානම් පහල Comment එකක් දාගෙනම යන්න. 

ඔබට ජය................

Thursday, January 27, 2011

මුල්ම පරිගනක වයිරසය ගැන දැන ගන්න ආසද?

Elk Cloner 

 


 ලොව මුල්ම පරිගනක වයිරසය 1982 දී නිර්මානය කරන ලද්දේ Richard Skrenta නම් එවකට 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.එම පරිගනක වයිරසයේ නම Elk Cloner නම් විය.නමුත් එය අද පවතින වයිරස් තරම් ප්‍රභල එකක් නොව ඉතාම සරල එකකි.එමගින් සිදු වූවේ floppy disk එකක් පරිගනකයට ඇතුල් කරන සෑම 50 වෙනි වාරයකම පහත පණිවුඩය දිස් වීමයි.

 

 එබැවින් මෙය පැතිරීගියේ ඔහුගේ යහලුවන් හා ගුරුවරුන් අතර පමණි.සමහරුන් සලකන්නේ  Creeper    යනු මුල්ම වයිරසය බවයි.එය සාදනු ලැබූයේ  Elk Cloner ට අවුරුදු 10 ක් 15 කට පෙරයි.නමුත් තාක්ශනික වශයෙන් ගත් කල ලොව මුල්ම වයිරසය Elk Cloner වේ.මන්ද Creeper සදහා boot loader  හෝ වෙනත්file එකක් අවශ්‍ය නොවිනි.නමුත් Elk Cloner boot sector වලට infect විණි.

 

Elk Cloner ගේ වැඩ කිඩ.

 

 

 වැඩිදුර විස්තර මෙතනින්

 ඔබට ජය..............