Friday, December 31, 2010

අද මම පෙන්නන්න යන්නේ පරිගනක ලොවේ දස්කම්පෑ විවිද පුද්ගලයන්ගේ ඡායාරූප කිහිපයක්.කිහිපයක් කිව්වට ඉතින් මෙතන  ගොඩාක් තියෙනවා.


 

Vint Cerf and Bob Kahn

 

අද භාවිතාවෙන TCP/IP ප්‍රොටෝකෝලය නිර්මානය කලේ  මෙම දෙදෙනායි. මෙය පරිගනක කිහිපයක් අතර තොරතුරු හුවමාරු කිරීමෙදි භාවිතාවෙන ප්‍රදානතම ප්‍රොටෝකෝලයකි.

 

 

 

 

Tim Berners-Lee

 

 අන්තර්ජාලයේ පියා ලෙස සැලකේ.තවද මුල්ම වෙබ් client සහ server එක නිර්මානය කරන ලදි.

 


 

 

Ray Tomlinson

 

විද්යුත් තැපෑලේ පියා ලෙස සලකේ. අදුනනවාද බලන්න.

තවද විද්යුත් තැපෑල මගින් විවිද රටවල්,ස්තාන,පුද්ගලයින් අතර ලිපි හුවමරුවට ඔහුගෙන් සිදුවූයේ අගනා සේවයකි.එමෙන්ම් විද්යුත් තැපෑල සදහා @ සලකුණ යෙදීමද සිදුවිය. 

 

 

 

 

Michael Hart 


විද්යුත් පොත්(e-books)වල පියා ලෙස සැලකේ.

 



Gary Thuerk

 

 මුල්ම spam එක නිර්මානය කරන ලදි.මෙම spam යනු අතීත marketing technique එකකි.ඔහු arphanet  එක භාවිතයෙන් විශාල පාරිභෝගිකයින් ගණනකට  විද්යුත් ලිපි යවන ලදි.

 






Scott Fahlman 

 

මුල්ම emoticon එක සාදන ලදි.ඉතින් ඔයාල chat කරනකොට emoticon දාද්දි මෙයාව මතක් කරන්න අමතක කරන්න එපා.

 

 

 

 

Marc Andreessen


Netscape Navigatorරය සොයා ගත් තැනැත්තා. 

ඔහුගේ Browsweරයේ මුල්නම Mosaicවුන අතර පසුව එහිනම Netscape Navigator ලෙස යොදා ගන්නා ලදි.

 

  

 

Jarkko Oikarinen


මුල්ම  real-time online chat tool  එක තනන ලදි.එය Internet Relay Chat නමින් හැදින්වේ.ඉරාකය විසින් කුවේටය අක්‍රමනය කරන විට radio සහ tV signals නවත්වන ලද්දේ මෙම IRC තාක්ශනය මගිනි.

 



 Robert Tappan Morris


මුල්ම warm වර්ගයේ වයිරසය නිර්මානය කරන ලදි.

 

 

  

 

David Bohnett

 

Geocities නිර්මානය කරන ලදි.David bohnett සහ Jognresner එකතුව Geocities නිර්මානය කරන ලදි.ඔහු අන්තර්ජාලය තුල සැමට නොමිලේ homepages සැපයීමට  මූලිකත්වය ගන්නා ලදි.

 

  

 

Ward Cunningham 

 

මුල්ම Wiki නිර්මානය කිරීමට පුරෝගාමීවිය .අමරිකානු ජාතික programmerකෙනෙකු වන මොහු මිනිසුන්ට සහයෝගයෙන් online pages සෑදීමට හැකියාව ලබාදෙන ලදි.

 

 

  

 

Sabeer Bhatia


hotmail නිර්මානය කරන ලදි.

 

   

 

Matt Drudge


The Drudge Report නැමති ජනප්‍රිය news website එක තනන ලදි.වැඩිදුර විස්තර සදහා මෙම විකිපීඩියා වෙබ් අඩවියට පිවිසෙන්න.

 

 

 

 

Larry Page and Sergey Brin 



 ලොව ජනප්‍රියම වෙබ් අඩවියක් වන google ආරම්භ කරන ලදි.අද අන්තර් ජාලය පාවිච්ච් කරන්නන්ට නැතුවම බැරි වෙබ් අඩවියක් බවට google  පත්ව ඇත.අන්තර් ජාලය තුල search කිරීමේ විප්ලවයක් කල දෙදෙනෙක් ලෙස මොවුන් දෙදෙනා හැදින්විය හැක.මුල් අවදියේදී ඔවුන් තම පුද්ගලික මුදල් ආයෝජනය කර google වෙබ් අඩවිය පවත්වාගෙන ගියද එය ඉක්මනින් ජනප්‍රියවීම හේතුකොටගෙන පවතින සම්පත් මදිවිය.එමනිසා ඔවුන්ට පුද්ගලික ආයෝජන පවා ලබාගැනීමට සිදුවිය.නමුත් අදවනවිට ඔවුන් විශාල ප්‍රගතියක් ලබා මහාපරිමාන සමාගමක් ලෙස අන්තර්ජලය හරහා ලොවේම අනසක පතුරා ඇත.

 

 


  

 

Bill Gates


 මෙයා ගැනනම් ඉතින් කියන්න දෙයක් නැහැ.මුලුලොවම දන්නා පරිගනක රජු ලෙස හදින්විය හැක.

 

 

 


Steve Jobs



 සුප්‍රකට ඇපල් සමාගම් ආරම්භ කරන ලදි.

 

 

 

David Filo and Jerry Yang

 

සුප්‍රකට yahoo සමාගම් ආරම්භ කරන ලදි.

 

 

 


 Peter Thiel

 

සුප්‍රකට paypal වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.

 

 

   

Pierre Morad Omidyar


 ඔයාලත් මෙයාගෙන් බඩු අරන් තියෙනවද බලන්න.මෙයාතමයි ebay වෙබ් අඩවිය ආරම්භ කලේ.

 

 

 

Jimmy Wales


 Wikipedia encyclopaediaඑක ආරම්භකලේ මෙයා තමයි.

 

 

  

 

Stewart Butterfield and Caterina Fake.


Flickr වෙබ් අඩවිය ආරම්භ කලේ මෙයාලයි.

 

 

 

Niklas Zennstrom


  skype කිව්වහම ඇති.හැමෝම දන්නවනේ.

 

 


 Bram Cohen


 ඔයාලත් Bit Torrent use කරනවද?මෙයා තමයි ඒක හොයාගත්තේ. 

 

 


 


Matt Mullenweg 


 බ්ලොග් ලියන ඔයාලට WordPress අලුත් නැහැනේ මෙයා තමයි ඒක හොයාගත්තේ.

 

 

 

 

Chad Hurley, Steve Chen, and Jawed Karim 


මෙයාල තමයි ලෝකයට youtube දායාද කලේ.

 

 

Julian Assange


මේ WikiLeaks අඩවියේ නිර්මාතෘවරයා.

 

 

  

 

Mark Zuckerberg


 ජනප්‍රිය Facebook වෙබ් අඩවිය නිර්මානය කරනලදි. 

 

 

 


Jack Dorsey 


 ජනප්‍රිය Twitterවෙබ් අඩවිය නිර්මානය කරනලදි. 

 

 

 

සුභ අලුත් අවුරුද්දක් වේවා.






ඔන්න මගේ BLOG එක සාර්ථකව දියත්කරගන්න පුලුවන් උනා.ඒවගේම බලාපොරොත්තු උනාටත් වඩා අතිවිශාල ප්‍රතිචාරයක් ඒකට හිමි උනා.ඇත්තටම එහි comment දැමූ ඒ වගේම නොයෙක් ආකාරයෙන් මාව දිරිමත් කල සියලුම දෙනාට බොහෝම ස්තුතියි.මේ පොස්ට් එකත් ඔබ සැමට ස්තුතිකිරීමට යොදා ගන්නම්.






ඒවගේම හෙට ලබන අලුත් අවුරුද්ද බ්ලොග් ලියන කියවන ඔබ සැමටත් අපට නිදහස් රටක් උරුමකරදුන් අතිගරු ජනාධිපතිතුමා,ආරක්ශක ලේකම් තුමා,සරත් ෆොන්සේකා මැතිතුමා,රොශාන් ගුනතිලක මැතිතුමා,වසන්ත කරන්නාගොඩ මැතිතුමා ඇතුලු එ සඳහා දායකවුනු සියලු දෙනාටත් සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා.




මම බ්ලොග් එක දියත්කල ආකාරය ගැන රසවත් සිදුවීම් ගොඩාක් තියෙනවා ඒ ටිකත් මම මීලඟ ලිපියකින් කියන්නම්.ඒ වගේම ඔයාල කියවන්න කැමති මොන මාතෘකාව යටතේද යන්න Select කරල යන්න.ඒක මට ඉදිරි පෝස්ට් ලියද්දි ප්‍රයෝජනවත් වේවි.





ඔබට ජය.....................



Tuesday, December 14, 2010

මුල් පි‍ටුව



මගේ බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.ඔන්න මමත් බ්ලොග් අවකාශයට පිවිසුනා.මුලින්ම මම ගැන කෙටියෙන් කියන්නම්.

මම තාම තොරතුරු තාක්ශනය  ඉගෙන ගන්නවා.ඉතින් අපිට මේදවස් වල නිවාඩුයි.ඉතින් මම කල්පනා කලා අලුතින් බ්ලොග් අඩවියක් පටන් ගන්න.මොකද website එකක් හදනවාට වැඩිය ලේසියිනේ.මමත් ඉතින් නිකන් ඉන්න වෙලාවට පොඩි තාක්ශන ලිපි ටිකක් පටන් ගන්න හදන්නේ.

මේ බ්ලොග් එක සින්ඩියට අතුල් උන ගමන් මම වැඩ පටන් ගන්නම්.එහෙනම් ආයිත් හමුවෙමු.

ඔබට ජය...............