Friday, March 25, 2011

Web browsers සඳහා Flash Player ගැන කරදරවුනු කාලය ඉවරයි.

 ඉතින් හැමදෙනාටම සුබ දවසක්.මම ගොඩාක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ.මේ දවස් වල මම හොඳටම busy.මොකද මම දැන් SLIIT එකේ 4 වෙනි අවුරුද්ද යන නිසා මේ දවස් වල වැඩ වැඩියි.තව 4th year project එක කරන නිසා හැමදාම documents ලියන්නයි presentation වලට ලැහැස්තිවෙන්නයි තව Lectures  යන්නයි ගියහම blog ලියන්න වෙලාවක් නෑ.අනික ලියන බ්ලොග් වලටත් comment වැටෙන්නෙ නෑ කියන්නේ මම ලියන බ්ලොග් එක්කෝ කට්ටියට වැඩක් නෑ, නැත්නම් කියවන අය බ්ලොග් එක කියවල තමන්ගේ වැඩේ කරගෙන යන්න යනවා.ඒක නිසා blog ලියන එකත් ටිකක් එපා වෙනවා. හරි හරි කමක් නෑ අද හිතුන එකේ මේ post එක දාන්නම් කෝ.ඉතින් මම දිගටම මගේ විස්තර ලිව්ව එකේ ඔන්න මම අද post එක පටන් ගත්තා.

  හැමදෙනාම දන්නවානේ Flashplayer software එක ගැන.ඔයාලට වෙබ් browser එකේ video එකක් වගේ බලන්න මේක නැතුවම බැහැනේ.ඉතින් සමහර වෙලාවට ඔයාලට ඕක install කරන්න කම්මැලි හිතෙන්න පුලුවන්.ඒ වගේම තවත් වෙලාවල් තියෙන්න පුලුවන් ඔයාල වෙබ් browse කරන්නේ office එකේ හරි වෙන කොහේ හරි ඔයාලට admin privileges නැති තැනක එකක වෙන්න පුලුවන්.එහෙම උනොත් ඔයාල ගොඩ දෙනෙක් කරන වැඩේ තමයි portable web browser එකක් use කරන එක.ඒත් මම කලින් කිව්ව වගේ admin privileges නැතිනිසා ඔයාලට ඒකට Flash player Software එක install කරගන්න බැහැ නේද?ඒ වගේ වෙලාවට කරගන්න ඕන වැඩක් මම අද කියල දෙන්නම්.





මුලින්ම ඔයාල Flash player install කරල තියෙන computer එකක පහත path එකට යන්න.
C:\WINDOWS\SYSTEM32\Macromed\Flash
ඊට පස්සේ NPSWF32.dll file එක copy කරගන්න.නැත්නම් යාලුවෙකුට කියල ඒ File එක mail කරගන්න.

ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ Firefox portable හරි වෙන ඕන version එකක පහත path එකට ඒක copy කරන්න විතරයි.
X:\FirefoxPortable\App\firefox\plugins
X:- ඔයාල firefox install කරල තියෙන තැන.

වැදගත්:- මම දීල තියෙන NPSWF32.dll  file එක copy කරන්න ඕන තැන firefox version එක අනුව පොඩ්ඩක් වෙනස් නම් ඔයාල firefox install කරපු තැනට ගිහින් "plugin" කියන folder එකක් සර්ච් කරලා ඒකට NPSWF32.dll file එක copy කරන්න.මොකද සමහර version වල මම දීපු තැන plugin කියල folder එකක් නැහැ.

ඉතින් මේකෙ තියෙන වාසි තමයි එකපාරක් කවුරු හරි Flash player install කලාට පස්සේ NPSWF32.dll File එක අරන් ගිහින් ඕන කෙනෙකුට firefox තුල Flashplayer run කර ගන්න පුලුවන්.ඒක නිසා ඔයාලට software install කරන්න බැරි environment එකකදි උනත් මේක usefull වේවි.
මේක මමනම් Test කලේ Mozilla Firefox 3.5 වල සහ 4.0 versions වල තමයි.මේ post එක හොඳනම් පහල comment එකක් දාලම යන්නකෝ.
 එහෙනම් නැවත හමුවෙමු.
ඔබට ජය...... 

6 comments:

  1. Good tip bro. great..btw remove this snow effect. its very annoying. & im too SLIIT 4th year dude!

    ReplyDelete
  2. හුඟක් වැදගත් දෙයක් කියල දුන්නට ස්තුතියි!

    තමන් දෙයක් කරද්දි ඒ කරන දෙයින් වැඩියෙන්ම සතු‍ටු වෙන්නෙ තමන් මිස අන් කිසිවකු නොවෙ.

    මම කියන්නම් බ්ලොග් ලියන අරුණි ශපිරෝ කියන අදහසක්,

    එයා බ්ලොග් ලියන්න පටන් ගනිද්දි එයාගෙ දුව කිව්වලු එයාට "වේදිකාවෙ රංඟනයෙ යෙදන අවස්ථාවෙ ප්‍රෙක්ෂකයන් ටික දනෙක් හිටියත් ප්‍රෙක්ෂයන්ගෙන් පිරී ඉතිරී ගියත් තමන් කරන රංඟනය අතිවිශිෂ්ඨ අයුරින් රඟ දක්වන්න " කියල.

    ඉතින් මලො මටත් කීයන්න තියෙන්නෙත් ඔයාගෙ බ්ලොග් එක කවුරු හරි කියවල කමෙන්ට්ස් දැම්මත් නොදැම්මත් තමන් ඉදිරිපත් කරන දෙය අතිවිශිෂ්ඨ අයුරින් ඊටත් වඩා හොඳට ඉදිරිපත් කරන්න කියල.

    ReplyDelete
  3. oka hariyana firefox witrada?
    ela ela

    ReplyDelete
  4. බලමු ට්‍රයි කරලා.........

    ReplyDelete
  5. @prashan thank bro......ok.I'll remove this snowing effect if it doesen't give a better feeling.

    @sanath:-comment කලාට ස්තුතියි....ඒ වගේම ඔබ කියන අදහසනම් හොඳයි........ඒත් කිසිවටිනාකමක් නොපෙනෙන දෙයකට වෙලාව අපතේ යවන එකත් මහ අපරාදයක් විදිහට හිතෙනවා ඒකයි එහෙම ලිව්වේ.ඔබගේ අදහසට ස්තුතියි.

    @Maduka:- මම මේක test කලේ Mozilla වල විතරයි.නමුත් මම හිතන්නේ crome වලටත් මේවිදිහේ දෙයක් කරන්න පුලුවන් ඇති.මම try කරල බැලුවේනම් නෑ.මම වෙලාවක් ලබුනොත් ඒක ට්රයි කරල තව post එකක් දාන්නම්.

    @kalhara:-good luck

    ReplyDelete
  6. Elakiri Nadeesh...keep it up

    ReplyDelete