Saturday, February 26, 2011

අන්දරේගේ රස කතා


රාජාධිරාජසිංහ රජුගේ බිසව රොඩී කෙල්ලක් බවට පත්කල අන්දරේ මුලදී එම රජුගේ කවිකාර මණ්ඩලයට අයත් නොවීය.එහෙත් කවි කියා ඇත.දක්ෂ කිවිවරයෙකු වන රජතුමා කවිකාර මඩුවේ කවීන්ට දිනක් අභියෝගයක් කලේය.
එම අභියෝගයට මුහුනදීමට කවිකාර මඩුවේ මුංකොටුවේරාල,කැකිරිගම කවියා,වඩුගොඩකවියා එකිනෙකාගේ මුහුණ බැලුවාමිස රජුගේ අභියෝගයට පිලිතුරු දීමට කෙනෙක් නොවීය.රජු අපේක්ෂා කලේ පහත කවියට තේරුම ඉදිරිපත් කරන ලෙසයි.


දාර දෙකයි එක තැන මුල්කර           තැනුවා
පාර තිහක් ගැසුවත් බයකුත්             නැතුවා
කොන් සතරයි කණු සතරයි ගෙට       ඇතුවා
තෝරා පන් ඊයේ මගදී                   දුටුවා
 රජුගේ අවදානය තවමත් යොමුවී ඇතත් කවිකාර මඩුවේ කවීන් නිහඬය.පසෙකට වෙලා බලාසිටි අන්දරේ කවියේ තේරුම කීමට ඉදිරිපත් විය
දාර දෙකයි එකමැද එය ගැව             සීය
වටපිට යන කලට කණු සතරෙන්       යාය
ගෙට වැඩි කලට කිසිබයකුත් නැතු      වාය
මට දැනෙනාලෙස "මහරජ ඉබ්          බාය"
අන්දරේගේ පිලිතුරෙන් සතුටට පත් රජතුමා අන්දරේ කවිකාර මඩුවේ කවියකු බවට පත් කලේය.
කුඩාකල අන්දරේට පොතපත් පරිශීලනය අප්‍රිය ජනක දෙයක් විය.එබැවින් ඔහු ගමේ කොලුරැලට එක්විය.මෙය දැනගත් අන්දරේගේ පියා ඔහුවඉගෙනීම සඳහා  ගැටමානේ ගුරුවරයෙකු ලඟ නැවැත් වීය.නමුත් දිනක් අන්දරේට ගුරුගෙදරින් පැනයාමට අවස්ථාව උදාවිය.බඩගින්නේම තම ගෙදරට පැමිණි අන්දරේ අඳුරේම ගෙට ගොඩවිය.

ඔහු දඩබ්බරයෙකි.එහෙත් කිසිවිටක බොරු නොකියයි.පියා තම පුතා ළඟට කැදවා කරුනු විමසීය.ඉන්පසු කරුණු වටහාගත් ඔහු අන්දරේව දෙල් ගසේ බැඳ හොඳටම තැලුවේය.දැන් අන්දරේට රෑට කෑමත් නැත.බඩගින්නද ඉවසිය නොහැක.කෝටු පාරවල වේදනාවත් ඉවසිය නොහැක.මහා වැස්සක්ද ඇද හැලිණ.අන්දරේ මෙසේ පැවසීය.

වැස්ස වැඩි නිසා සීතල වැඩි වෙ           ච්චි
අතපය වෙවුලාය සන්නිය ළං වෙ          ච්චි 
එලොව පොල් පෙනෙයි අදනම් වැරදි     ච්චි
හොඳ හැට නිදිද මගෙ බුදු අප්පො         ච්චි
 පුතා ගැන කල්පනාකරමින් නිදිනැතුව සිටි පියාට පුතාගේ කවිය ඇසීමෙන් දුකක් ඇතිවිය.එහෙත් අන්දරේට පිහිටක් නොවීය.අම්මාගෙන් පිහිටක් පතා ඊලඟට මෙසේ පැවසීය.
අස මා ගේ අම්මේ මේ අහ ප            න්නේ
නොතෙමා මා මෙතැනින් අහකට ග    න්නේ
බුස මා ගේ තල්පත ගෙන ඉහ ල       න්නේ
ගැට මානට ගෙන ගොස් මා ඇර ල    න්නේ
මෙම කවිය ඇසූ අන්දරේගේ මවට දුක සිතී අන්දරේගේ ලිහා ගෙට ගෙනගොස් සත්තු සප්පායම් කොට බත් බෙදා අනාදී කන්නට කීය.අන්දරේ එවිට තම මවගෙන් මෙසේ විමසීය."අම්මේ බත් පංගුව අනන්නට කලින් තිබූ තත්වයට හදන්නකෝ".එය කල නොහැක්කක් බව අම්මා පැවසීය.
"එහෙනම් අම්මේ පොඩි ළමයෙක් කියනදේ ලොකු අයට කරන්න බැරිනම් ලොකුඅය කියනදේ පොඩිලමයෙක් කරන්නේ කෙසේ දැයි" විමසීය.
පුතාගේ මෙම ප්‍රශ්නයෙන් පියාගේ මනස පිබිදුනේය.තම පුතාගේ සහජ හැකියාව තේරුම් ගත් පියා පුතාට ඉගෙනීම අත්හලේය.
1753 දී පමන කන්ද උඩරට රාජාධිරාජසිංහ රජතුමා කවියෙකුවිය.එමෙන්ම ඔහු කවීන්ට අතහිත දුන් අතර අන්දරේගේ ගැන අසන්නට ලැබී ඔහුට පනිවිඩයක් යවා ගෙන්වා ගත්තේය.එහිදී විවිද දස්කම් පෙන්වූ අන්දරේගේ රජුගේ පොකුණේ සිටි මැඩියෙකුට විද මරාදමා සම්මානයක් ගත්තේය.
තවත් දිනක් අන්දරේ රජුගේ බිසව දියනෑමට ගොස් ආපසු එනු දැක මෙම කවිය කීවේය.
කට කැඩි කලේ දිය උකුලේ තබා          ගෙන
ලොට තන දෙකක් ගෙරි හමකින් වසා     ගෙන
තඹද පිත්තලද දෑතෙහි දරා                  ගෙන
රොඩී කෙල්ල කොහි යනවද උදෑ            සන
මෙය අසා කිපුනු රජ බිසව මෙය රජුට දැන්වීය.රජතුමා අන්දරේව වහාම ගෙන්වා මේ ගැන විමසීය. එබඳු කතාවක් තමා නොදන්නා බවත් තමා මෙබඳු කවියක්නම් කී බව අන්දරේ පැවසීය.

රිදී කලේ පැන් උකුලේ තබා            ගෙන 
රන් කුඹුදෙකක් සලුපටකින් වසා        ගෙන 
රිදීද රත්තරන්ද දෑතේ දරා                ගෙන  
මල් මද බිසව් කොහියනවද උදෑ           සන
 අන්දරේ වටා ගෙතී ඇති විවිධ කතා එමටය.
 තවත් දිනක් අන්දරේගේ බිරිඳ අන්දරේට කතාකර ඔයා හැමෝටම කවි කියනවා මටත් කවියක් කියන්නකෝ යනුවෙන් ආදරයෙන් ඉල්ලීය.එවිට අන්දරේ
ඉස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීර       නා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝර        නා
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙ   නා
ලිය නුඹ බැලිමි වැඳිරිය වැන්න දලු ක         නා

ඉන්පසු තම බිරිඳ අමනාපයෙන් සිටිනු දුටු අන්දරේ මෙසේ කීය.
 ඉස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීර         නා
 බඳ දෙස බැලිමි රන්කඳ වැන්න ආර           නා
තන දෙස බැලිමි තැඹිලිය වැන්න දිලිසෙ       නා
 ලිය නුඹ බැලිමි සුරඟන වැන්න රුසිරෙ       නා

වරක් ඉන්දියාවෙන් පැමිණි බමුණු පඬිවරයෙක් රජ වාසලට පැමිණ රාජ සභාවේ පඬිවරු සමඟ ශාස්ත්‍රීය සාකච්ඡාවක් කිරීමට කැමති බව පැවසීය.  රජතුමා තම පණ්ඩිතවරුන්ට ඒබව දැන්වීය.ඔවුන් අදිමදිකරමින් පසු බෑහ.අන්දරේ තනිවම ඊට කැමති විය.
නියමිත දින ඉන්දියානු පඬිවරයා රජවාසල කරා ගමන් කරයි.අන්දරේ ඉරට මිටියක් මීහරක් හමක ඔතාගෙන කරපිට තබා ඉදිරියෙන් ගමන් කරයි.ඉන්දියානු පඬිවරයා අන්දරේගෙන් ඔය පොත මොකක්දැයි විමසීය.ඊට පිලිතුරු දුන් අන්දරේ "මහීෂ චර්ම බන්ධන පුස්තකම්" යයි කීය.මෙබඳු පොතක් ගැන කවරදාවකවත් අසා නැති ඉන්දියානු පඬිවරයා සාකච්ඡාවට කියහොත් තමා පරාජය වේ යැයි සිතා මගහැර ගියේය.අන්දරේ ගෙනගිය පොත වන "මහීෂ චර්ම බන්ධන පුස්තකම්" යන්නෙහි තේරුම මීහරක් හමෙන් වැසුනු ඉරටු මිටියක් බවයි.
ඉතින් අදට අන්දරේගේ කතා අවසන් කරන්නම් නැත්නම් ලිපිය දිග වැඩිවෙනවනේ.මම මේ ලිපිය සඳහා පුවත්පත‍ක පලවුණු ලිපියක්ද උපකාරීකර ගන්නා ලදි.මේ post එක හොඳයි කියලා හිතෙනවානම් පහල Comment එකක් දාගෙනම යන්න. 

ඔබට ජය................

No comments:

Post a Comment