Wednesday, May 25, 2011

Drop box කුප්පි 2 කොටස.

dropbox තුලින් කොපමණ ඉඩ ප්‍රමාණයක් ලබාගත හැකිද?

අද අපි වැඩිදුරටත් Drop Box ගැන බලමු.හරි අපි මුලින්ම dropbox website එකට ගිහින් register වෙලා ඉමුකෝ....ආ මට තව චුට්ටෙන් කියන්න අමතක වෙනවා මේ Drop Box එකට Free register වෙන්න පුලුවන්.එතකොට ඔයාලට 2GB space එකක් මුලින්ම free හම්බ වෙනවා.ඊට පස්සේ අපිට තවත් Drop Box නැති යහලුවෙකුට Drop Box තුලින් request එකක් දාලා තමන්ගේ ඉඩ ප්‍රමාණය වැඩිකරගන්නත් පුලුවන්.තවද ඔබ යවන එක friend request එකක් එම යහලුවා accept කර drop box account එකක් සෑදූපසු ඒ සඳහා ඔබට අමතර 250MB ඉඩ ප්‍රමාණයක් එකතුවෙනවා මෙහිදී free account එකක Maximum ඉඩ ප්‍රමාණය 8GB දක්වා වැඩිකරගැනීමට අපිට පුලුවන්.ඉතින් ඒ ප්‍රමාණය මදිද?මටනම් තාම 3GB ඉඩ ප්‍රමාණයත් හොඳටම ඇති.කාටහරි මදි කියල හිතේ නම් සල්ලි ටිකක් ගෙවල 100GB විතර වුනත් ගන්න පුලුවන්.ඉතින් පෙන් එකේ නිතරම තියෙන්න ඕන කියල හිතෙන සේරම මේකට දාල තියන්න පුලුවන්....


Drop box account එකක් හදමු

ඒ සඳහා http://www.Dropbox.com වෙත පිවිසෙන්න.පසුව  create an account click කරන්න.පසුව ලැබෙන form එක පුරවන්න.ඇත්තටම මෙය ඉතාම සරල form එකක්.
 
එවිට මා පෙර කිවූ පරිදි 250MB space එකක් ලැබේ.දැන් ඔබේ Account එකට log විය හැක.

Drop Box account එකේ තිබෙන මූලික Folders වල කාරිය හඳුනාගනිමු.



ඔබට Public හා Photos යනුවෙන් Folders දෙකක් පෙනේවි.දැන් අපි ඒ එක් එක් forlder වල කාරිය වෙනවෙනම බලමු.Public folder එක යනු මෙහි ඇති වටිනාම Folder එකයි.මොකද අපිට යම්කිසි file එකක් internet එකේ share කරන්න අවශ්‍යයැයි සිතමු.එවිට කරන්න තියෙන්නේ අවශ්‍ය File එක Public folder එක තුලට upload කර එහි Public link එක ලබා ගැනීමයි.
උදා:- මම DVDConverter file එක මඟින් පෙන්වන්නම්...

මුලින්ම Public folder එක click කර එය තුලට පිවිසෙන්න. 



 පසුව ඉහතින් ඇති upload යන්න click කර අවශ්‍ය file එක Browse කර ලබා දෙන්න.(client program එකක් මඟින් automatically upload කරන විදිහ පසුව කියන්නම්...එය වඩාත් පහසුයි.)




දැන් එය upload වී ඇති ආකාරය ඉහත පරිදි පෙනේවි.ඊළඟට එහි public link එක ලබා ගැනීමට


ඉහත රූපයේ පරිදි අවශ්‍ය folder එකෙහි කෙලවරේ තියෙන පහලට යොමුවීඇති ඊතල කොටස click කර copy public link යන්න තෝරන්න.පසුව copy to clip board තෝරන්න.දැන් ඔබේ public link එක copy වී තිබේ.එය අවශ්‍ය පුද්ගලයෙකුට ලබා දෙන්න.




මාගේ link එක  http://dl.dropbox.com/u/30240006/DVDConverter.rar ලෙස අවශ්‍යනම් ඊමේල් මඟින් එහෙම නැත්නම් ඔබගේ blog එකෙහි මෙම link එක publish කරගත හැක.එවිට යම් පුද්ගලයෙකුට Dropbox account එකක් නැතිවුනත් ඔහු එම link එක click කලොත් හෝ address bar එක තුලට copy and paste කලොත් ඔහුට එම file එක download කරගත හැකියි.(තව එකක් මේ Public link එක ලබාගත හැක්කේ public folder එකට upload කරන files සඳහා පමනයි.)


දැක්කද?කොච්චර පහසුද?කොච්චර සරලද?.....ඒ වගේම upload කරගන්න මීට අමතරව client program එක මඟින් පහසුවෙන් කල හැකියි.මොකද අපිට තියෙන්නේ hard drive එකේ Dropbox folder එකට අවශ්‍ය Files දැමීම පමනයි..මොකද ඒවා automatically website එකට upload වෙනවා......ඒ ගැන තවත් කුප්පියකින් කියන්නම් කෝ......
අද post එක දිග වැඩිවුන නිසා ඉදිරි කුප්පි වලින් මෙහි ඉතිරිය කියන්නම්..........එහෙනම් නැවත හමුවෙමු.....මතකයිනේ එහෙනම් මේ post එක හොඳයි කියල හිතෙනවනම් comment කරන්නකෝ......
ඔබට ජය........

8 comments:

  1. dropbox godak watina softwere akak ath oka damam pc aka slow wanwa... akata vidumak nana

    ReplyDelete
  2. maxxxxxxa!මම පාවිච්චි කලේ පොඩි ඉඩක් තියන එකක්.8gb වෙනකන් දෙනව කියන්නෙ හොදටම ඇති.තෑන්ක්ස්.දිගටම ලියන්න.

    ReplyDelete
  3. @maduka:- එහෙම දැනෙන දිහට slow වෙන්නේ නැහැ....මේ client program එක install කිරීම අනිවාර්‍ය නෑ..ඒක තියෙනවානම් file Synchronization ලේසියි......මටනම් මේක සින්දුවක් play කලහම computer එක slow වෙන තරම්වත් slow වෙන්නේ නැහැ..........

    ReplyDelete
  4. @රාජ්:- ඔව් ඔයාට 16GB ගන්න උනත් ඕනෙනම් තියෙන්නේ email 2කින් account 2ක් හදාගන්න........

    ReplyDelete
  5. මම ඩ්‍රොප් බොක්ස් පාවිච්චි කරනවා. ඒත් පබ්ලික් ෆෝල්ඩර් එක ගැන විස්තර දැන ගත්තෙ මේ ලිපියෙන් .......

    තෑන්ක්ස් .........

    ReplyDelete
  6. @kalhara:- මචන් මේකෙන් තව ගන්න පුලුවන් වැඩ බොහෝමයි....ඉදිරියේදී ඒ ගැනත් කියන්නම්.....Comment කලාට හැමෝටම ස්තුතියි........

    ReplyDelete
  7. එල පෝස්ට් එකක්. ක්ලයන්ට් ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරන එක මට නම් ලේසියි. මොකද ඔටෝ සින්ක් වෙනවනේ.

    ReplyDelete